සැම දෙනාටම ආයුබෝවන්

වරකාපොල ප්‍රාදේශීය සභාවට ඔබව සාදරයෙන් පිළිගනිමු

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ ස්ථාපිත වූ වරකාපොල ප්‍රාදේශීය සභාව කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාලත්වයෙන් දෙවෙනි ප්‍රාදේශීය සභාවයි. සැසිවාර 06කින් යුතු සභාකාලයේ සභාපතිවරුන් 07 දෙනෙකු විසින් පාලනය කර ඇති මෙම සභාවේ වර්තමානෙයේ ගරු සභාපතිධූරය හොබවන්නේ එන්.සරත් සුමනසූරිය මැතිතුමායි.

Secretory

ගරු ඩී.එම්.එම්.පී.දුනුසිංහ මිය

“ජනතා සේවයට කැපවීම තුලින් ශ්‍රි ලංකාවේ විශිෂ්ඨතම හා කාර්යක්ෂම පළාත් පාලන ආයතනය බවට පත් කිරීම” දැක්ම කොට ගනිමින් වරකාපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිටින සියළුම මහජනතාව වෙත කෙරෙන සේවාවන් ගුණාත්මක හා කාර්යක්ෂමව සිදු කිරීම අරමුණු පෙර දැරිව නව තාක්ෂණයත් සමඟ ගමන් අරබන්නට මං පෙත් විවර කර ඇති මෙම වෙබ් අඩවියට පිවිස ඔබ අමතන්නට හැකි වීම මා ලැබූ භාග්‍යක් සේ සලකමි. වරකාපොල ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම වෙනුවෙන් කලයුතු කාර්යයන් අතුරින් සෞඛ්‍ය, භෞතික සැලසුම් හා මංමාවත්, ජල සැපයුම් සේව‍ා, මහජන උපයෝගීතා හා සුභසාධක සේවා සැපයීම සඳහා ගරු සභාව විසින් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට කාර්යයමණ්ඩලය කාර්යක්ෂමව හා නිවරදි මඟ පෙන්වීම ලබා දීම මගේ අරමුණ සහ වගකීමයි. ඒ තුලින් ඓතිහාසික වටිනාකමින් යුතු වරකාපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට නිසි වටිනාකම ලැබීමෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු වීම තුලින් ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පළාත් පාලන ආයතනය වනු දැකීම මාගේ ප්‍රාර්ථනාවයි.
ස්තුතියි !!

දැක්ම

ජනතා සේවයට කැපවීම තුළින් ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම හා කාර්යක්ෂම පළාත් පාලන ආයතනය බවට පත් කිරීම.

මෙහෙවර

මහජන සේවය සැලසීම රාජ්‍ය ආයතනයක අභිමානවත් යුතුකම හා වගකීම බව වටහා ගනිමින් ජනතා නියෝජනය හා රාජ්‍ය යාන්ත්‍රනය හා එක්ව මහජනතාව වෙනුවෙන් ඉටු කල යුතු සේවය හෙටට කල් නොතබා වඩාත් උසස් තත්වයෙන් කාර්යක්ෂමව ඉටු කිරීම අපගේ මෙහෙවරයි.

2018 - 2021 සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය