වරකාපොල ගැන


ඓතිහාසික පසුබිම

වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ඓතිහාසික ඉපැරණි රාජධානියක් ලෙස ලේඛනගතව, ජනගතව ඇත්තේ දැදිගමයි. මැතිවරණ ඉතිහාසයේ ලියවී තියෙන්නේ දැදිගම ඡන්ද බල ප්‍රදේශය කියලා. 1930 දශකය වන විට දැදිගම ඡන්ද බල ප්‍රදේශය පුලුල්ව තිබූ විශාල ප්‍රදේශයක්.දැදිගම පුරවර අතීතයේ සිටම ඓතිහාසික වශයෙන් වැදගත් ප්‍රදේශයක් බවට සාධක බොහොමයක් පවතී.පොළොන්නරු යුගයේ රජකම් කළ 1 වන පරාක්‍රමභාහු රජතුමාගේ ජන්ම භූමිය දැදිගම් පුරවරයේ ඉදිකර ඇති සූතිගර චෛත්‍ය පැවති ස්ථානය යැයි සළකනු ලැබේ.එමෙන්ම දඹදෙනි යුගයේ රජකම් කළ 111 විජයභාහු රජතුමා විසින් බෙලිගල පර්වතය මුදුනේ මාළිගාවක් තනවා දළදා කරඩුව තැන්පත් කර පුද පූජා පවත්වා ඇති බව සදහන් වේ.එලෙසම ලෙනගල රජමහා විහාරය මාම්පිට රජමහා විහාරය,දොරවක ලෙන ආදිය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන වේ.
දැදිගම ඇති ඇත්පහනද විශ්මිත දැකුම්කලු සුවිශේෂී නිර්මාණයක් වන අතර එය ලෝකඩ වලින් නිර්මාණය කර ඇත. පහනේ ඉහලින්ම දම්වැළ් සහ නාගරූපය තිබෙන අතර මැද කොටසේ ඇත් රූපය ඇත.පහතින් පහන් වැට හා තෙල් රැස්වෙන කොටස හා ඇත් රූපය දෙපසින් නෙරා එන ලෙස පිහිටා ඇත. එහි නැට්ටුවා,තාලම්පට උඩැක්කිය නිර්මාණය කර තිබෙන අතර ඇතාගේ දකුණු කකුලේ සිදුරකින් තෙල් පිරවීම සිදුකළ හැකි ලෙස නිර්මාණය කර ඇත. මෙය දැදිගම පුරවරයේ විශිෂ්ඨ කලාකරුවන් ජීවත්ව සිටි බවට වන සාධකයකි.

වරකාපොල බල ප්‍රදේශය ගැන

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 78 කින් සමන්විත වරකාපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග හෙක්ටයාර් 19330.15 ක විශාලත්වයෙන් යුක්තය. ජනගහනය 122876 ක් පමණ වන අතර නාගරික ජනගහනය 8768 ක් පමණ වේ.


වරකාපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වසම් හා වසම් අංක

1. වද්දෙනිය 77
2. වෙනිවැල්ලකඩුව 77 A
3. කෝදාපාළුව 77 B
4. රාගල්කන්ද 78
5. හෑලියගොඩ 78 A
6. ඕපාත 78 B
7. පස්පොලකන්ද 78 C
8. ඈගල්ල 79
9. කලුගල 79 A
10. තල්ගම 79 B
11. මැටියගනේ 79 C
12. මොරවක 80
13. මාම්පිට 80 A
14. අක්වත්ත 81
15. කුඹල්ගම 81 A
16. පින්නගොඩකන්ද 81 B
17. මංගෙදර 82
18. තුල්හිරිය 82 A
19. ගස්නාව 82 B
20. නාන්ගල්ල 82 C
21. පරාක්‍රමගම 82 D
22. තෝලංගමුව 83
23. අඹේපුස්ස 83 A
24. මාහේන 83 B
25. මාහේන ජනපදය 83 C
26. දෙල්ගමුව 83 D

27. එලිපංගමුව 83 E
28. බූරුන්නාව 84
29. ඔත්නාපිටිය 84 A
30. නාපේ 84 B
31. දැදිගම 85
32. තුන්තොට 85 A
33. නෙළුන්දෙණිය 85 B
34. පිටදෙණිය 85 C
35. ඉඹුලෝවිට 85 D
36. මැණීක්කඩවර 86
37. ඉහල ලෙනගල 86 A
38. මහපල්ලේගම 87
39. තඹදිය 87 A
40. කුඩාපල්ලේගම 87 B
41. කිනිවිට 87 C
42. මල්මඩුව 88
43. පොල්ගම්පල 88 A
44. එළමල්දෙණිය 88 B
45. පල්ලේපැල්පිට 88 C
46. අල්පිටිය 89
47. වැල්හැල්ල 89 A
48. කිවුල්දෙණිය 89 B
49. වේරගල 90
50. පහල ලෙනගල 90 A
51. දොරවක උඩබාග් 91
52. කොහොඹදෙණීය 91 A

53. දොරවක පල්ලේබාගේ 91 B
54. තල්ලියැද්ද 91 C
55. යද්දෙහිමුල්ල 91 D
56. කුකුල්පනේ 92
57. වරකාපොල 92 A
58. ගණිතපුර 92 B
59. තුඹලියැද්ද 92 C
60. වේරගොඩ 93
61. හල්ලව 93 A
62. පලමුරේ 93 B
63. ඒබිඩිගල 93 C
64. හපුගොඩ 93 D
65. බෝපිටිය 94
66. ඇත්නාවල 94 A
67. නිවටුව 94 B
68. දුම්මලදෙණීය 94 C
69. අල්ගම 95
70. මදුරුපිටිය 95 A
71. තල්ගහදෙණීය 95 B
72. කන්දේගම 95 C
73. අල්ගම ඉහලගම 95 D
74. ගොඩවෙල 96
75. තාඹුගල 96 A
76. පුහුලේගම 96 B
77. පැණීහල 96 C
78. උඩුවක 97


රජයේ කාර්යාල

01. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මාහේන
02. කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය - මාහේන
03. ගොවිජන සේවා කාර්යාලය - මාහේන
04. කම්කරු කාර්යාලය - දැදිගම
05. කම්කරු කාර්යාලය - වරකාපොල
06. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - වරකාපොල
07. විවාහ/මර‍‍‍‍ණ රෙජිස්ටාර් කාර්යාලය - මාහේන
08. පොලිස් ස්ථානය - වරකාපොල
09. පොලිස් ස්ථානය - දැදිගම
10. මහේස්ත්‍රාත් අධිකරණය - තුල්හිරිය

තැපැල් කාර්යාල

01. වරකාපොල ප්‍රධාන තැපැල් කාර්යාලය
02. අල්ගම උප තැපැල් කාර්යාලය
03. බෝපිටිය උප තැපැල් කාර්යාලය
04. නිවටුව උප තැපැල් කාර්යාලය
05. තෝලංගමුව උප තැපැල් කාර්යාලය
06. දොරවක උප තැපැල් කාර්යාලය
07. බෙලිගල උප තැපැල් කාර්යාලය
08. නියදුරුපොල උප තැපැල් කාර්යාලය
09. වේරගල උප තැපැල් කාර්යාලය
10. තුල්හිරිය උප තැපැල් කාර්යාලය
11. නෙළුන්දෙනිය උප තැපැල් කාර්යාලය
12. තුංතොට උප තැපැල් කාර්යාලය
13. මහපල්ලේගම උප තැපැල් කාර්යාලය
14. ගොඩවෙල උප තැපැල් හල
15. කන්දෙගම උප තැපැල් හල
16. උඩුවක උප තැපැල් හල
17. මාහේන උප තැපැල් හල
18. කොහොඹදෙනිය උප තැපැල් හල
19. එළිපන්ගමුව උප තැපැල් හල
20. මැණික්කඩවර උප තැපැල් හල
21. පහල ලෙනගල උප තැපැල් හල
22. තඹදිය උප තැපැල් හල
23. කිවුල්දෙනිය උප තැපැල් හල
24. නාන්ගල්ල උප තැපැල් හල
25. ගස්නාව උප තැපැල් හල
26. දැදිගම උප තැපැල් හල
27. කහඹිලියාව උප තැපැල් හල
28. ඔත්නාපිටිය උප තැපැල් හල
29. කහවතුගොඩ උප තැපැල් හල
30. මල්මඩුව උප තැපැල් හල

වරකා‍‍පොල - දැදිගම ආරෝග්‍යශාලා

01. මූලික රෝහල - වරකාපොල
02. ග්‍රාමීය රෝහල - පල්ලේගම
03. ග්‍රාමීය රෝහල - බෙලිගල
04. ග්‍රාමීය රෝහල - නෙළුන්දෙනිය
05. ග්‍රාමීය රෝහල - නියදුරුපොල
06. ග්‍රාමීය රෝහල - නාරංගොඩ
07. ආයුර්වේද රෝහල - වරකාපොල
08. ආයුර්වේද මධ්‍යස්ථානය - තල්ලියැද්ද
09. ආයුර්වේද මධ්‍යස්ථානය - නෙළුන්දෙනිය
10. ආයුර්වේද මධ්‍යස්ථානය - දැදිගම
11. ආයුර්වේද මධ්‍යස්ථානය - අල්ගම