1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ ස්ථාපිත වූ වරකාපොල ප්‍රාදේශීය සභාව කෑගලු දිස්ත්‍රික්කයේ විශාලතම ප්‍රාදේශීය සභාවයි. දැදිගම බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතන ලෙස අතීතයේදී කොටස් 03 කට බෙදී තිබුණි. ඒවා නම් වරකාපොල සුළු නගර සභාව,දැදිගම ගම් සභාව හා තෝලංගමුව ඕතර පත්තුව ගම් සභාව වශයෙනි. අතීතයේ පැවති ගම් සභා,සුළු නගර සභා අහෝසි වී ප්‍රාදේශීය සභා ස්ථාපිත වූයේ 1991 වසරේදීය.
වරකාපොල ප්‍රදේශීය සභාවේ මංගල සැසි වාරය 1991 ජූලි මස 01 වන දින නගර ශාලාවේදී ආරම්භ කර ඇත.වසර 15 ක් පමණ ප්‍රාදේශීය සභා කාර්යාලය නගර ශාලාවේ පවත්වා ගෙන ගොස් ඇති අතර 2006 ජනවාරි 17 වන දින පොදු වෙළද සංකීර්ණය වෙත ගෙන ගොස් ඇත.වර්තනමානයේ ක්‍රියාත්මක වනු ලබන්නේ ගරු සභාපතිතුමා ඇතුළුව මන්ත්‍රී මණ්ඩලය 43 දෙනෙකුගෙන් සමන්විත වන හයවැනි සැසිවාරයයි. 2020.10.26 දින දැනට පවතින නවීන පහසුකම් සහිත ගොඩනැගිල්ල වෙත ප්‍රාදේශීය සභා කාර්යාලය ගෙන එන ලදී.
01. පී.අබේරත්න මයා
02. ලක්ෂ්මන් පතිරාජ සමරසිංහ මයා
03. එච්.පී.ආරියදාස මයා
04. අශෝක නිමල් රණතුංග මයා
05. ආනන්ද විල්ප්‍රඩ් සොයිසා මයා
06. කීර්තිසිරි විජේතුංග මයා
01. ඩබ්.ඒ.ජයසේන මයා
02. විල්ප්‍රඩ් ද සොයිසා මයා
03. අශෝක නිමල් රණතුංග මයා
04. එස්.එච්.සිරිනිමල් මයා
05. අශෝක නිමල් රණතුංග මයා
නව දේශපාලන මුහුණුවරකින් ජනතාව ඉදිරියට ආ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් බිහිවූ පළමු සභාපතිවරයා මෙන්ම වරකාපොල ප්‍රාදේශීය සභාවේ හත්වන සභාපතිවරයාද වන්නේ වරකාපොල ප්‍රාදේශීය සභාවේ වත්මන් ගරු සභාපති එන්.සරත් සුමනසූරිය මැතිතුමායි. එතුමා සභාපතිධූරයට පත් වන විට වරකාපොල ප්‍රාදේශීය සභාවේ පැවති ආදායම් මාර්ග වලට වඩා ආදායම් උත්පාදන මාර්ග ඇති කරමින් සභාවේ ආදායම් මාර්ග වැඩි කොට දැදිගම ජනතාවට සහන ලබා දීම මෙන්ම 2018 දී පැවති ස්ථාවර වත්කම් 2021 වර්ෂය වන විට 31.94% කින් වැඩිකර ගැනීමටද කටයුතු කළේය.2018 වර්ෂයේ සිට එතුමා විසින් විශේෂ වූ ව්‍යාපෘති විශෘල ප්‍රමාණයක් සිදු කර ඇත. ඒ අතුරින් සභාගර්භය නවීකරණය, තෙලිඇල්ල ආශ්රිත වන වගාව, මංමාවත් හා ගොඩනැගිලි හා කාණු පද්ධති සංවර්ධනය, ප්‍රිමික්ස් අංගනය අළුත්වැඩියාව,සතිපොල නඩත්තු, පුස්තකාල පොත් මිලදී ගැනීම, මායින්නොළුව පුස්තකාලය නවීකරණය, කාර්යාල උපකරණ මිලදී ගැනීම, නව කාර්යාල ගොඩනැගිල්ල ඉදි කිරීම හා ණය ආපසු ගෙවීම, පරිඝණක මෘදුකාංග හා පරිඝණක උපාංග හා වෙනත් ප්‍රාග්ධන වියදම්, පොදු වැසිකිලි නඩත්තුව, ආදාහනාගාර නඩත්තුව, සෞඛ්‍ය මධ්‍යස්ථානය ඉදි කිරීම ණය ආපසු ගෙවීම, බෝක්කු බට මිලදී ගැනීම, සභාව සතු ප්‍රජාශාලා නවීකරණය, ඉඩම් අත්පත් කර ගැනීම, කසල ප්‍රතිචක්‍රීකරණ කොම්පෝස්ට් ව්‍යාපෘතිය අදිය වැදගත් වේ.
මීට අමතරව ඉටුකරන ලද විශේෂ ව්‍යාපෘති ලෙස වාරියගොඩ සතිපොල ආරම්භ කිරීම, ඩිජිටල් දැන්වීම් පුවරුව ඉදි කිරීම, දැදිගම ආයුර්වේදයේ වැසිකිලිය ඉදි කිරීම, වරකාපොල සතිපොල භූමියේ හෙළ බොජුන්හලක් ඉදි කිරීම , මායින්නොළුව සභාව සතු භූමියේ හෙල බොජුන්හලක් ඉදි කිරීම, දැදිගම පෙර පාසල් ගොඩනැගිල්ලේ ඉහල මාලය සංවර්ධනය කිරීම, නව සතිපොල භූමියේ කඩකාමර ඉදි කිරීම, සතිපොල භූමිය අසල ළමා උද්‍යානය හා ඇවිදින මංතීරුව ඉදි කිරීම යන ව්‍යාපෘති වේ.
ආයතනික වශයෙන්, නව කාර්යාල ගොඩනැගිල්ලක් ඉදි කිරීම, නව කාර්යාල ගොඩනැගිල්ල සඳහා වායූ සමීකරණ සවි කිරීම, සම්ප්‍රදායික ලෙස බදු මුදල් එකතු කිරීමෙන් බැහැරව ක්ෂේත්‍ර ආදායම් එකතු කිරීමේ යන්ත්‍ර උපයෝගී කරගෙන නව මෘදුකාංග භාවිත කරමින් ආදායම් පරීක්ෂක මහතුන් හරහා මුදල් අයකර ගැනීමට ද, කාර්යාලයේ නිලධාරීන් සඳහා භාණ්ඩ ඉල්ලීම වෙනුවට නව මෘදුකාංග භාවිත කරමින් භාණ්ඩ ඉල්ලීම, ඉල්ලා ඇති භාණ්ඩ සඳහා අනුමැතිය ලබාදීම හා ගබඩාවෙන් භාණ්ඩ නිකුත් කිරීම හා තොග පවත්වාගෙන යාම තුලින් කඩදාසි අපතේ යාම වලක්වා ගැනීමටද ලේඛණාගාරයෙන් ලිපි ලේඛණ සොයා ගැනීම සඳහා ද නව මෘදුකාංග භාවිතා කර කාර්යාලයේ ලිපි ගොණු සොයාගැනීමටද කටයුතු කරීම නවීන තාක්ෂණයේ ඉහලම ප්රතිලාභ අත්කර ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස පෙන්වා දිය හැක.