සූතිඝර පුරාණය (දැදිගම කොට වෙහෙර)
මෙම ඓතිහාසික ස්ථානය දැදිගම ගමට අයත්ය වේ. මහ පැරකුම්බා රජුගේ උත්පත්තිය සිහි කිරීම පිණිස සකස් කළ චෛත්‍යක් ලෙස පොත පතෙහි සහ ජන කතා, ජනශ්රැතිවල සඳහන්ව තිබේ. ."සුතිඝර "යනුවෙන් අදහස් වනුයේ උපන් තැන යන්නයි. බෞද්ධ සංස්කෘතික අමාත්‍යාංශයෙන් නිකුත් කල (සිංහල මහා වංශය) කෘතියේ මෙම ස්ථානය ගැන සඳහන් කර ඇත්තේ "විච්කුන්ණා වූ ශ්‍රේෂ්ඨ නරේන්ද්‍ර මේ යුව රජුගේ රටද, නොයෙක් තැන අනේක ප්‍රකාර වූ කර්මාන්ත කරවූයේය. හේ තෙමේ (පිලගම) ස්වකීය වූ ප්‍රසූති වූ මන්ධිර ස්ථානයෙහි (සුතිඝර) නම් චෛත්‍යක් ද එකසිය විසි රියනක් උත්තුංග කොට කරවීය '.මෙම චෛත්‍ය ඉතිහාසගතව ඇත්තේ මහපැරකුම්භා රජුගේ පාලන කාලයේ ක්‍රි.වර්ෂ 1153-1186 තුලදීය.
View Location