ස්ත්රීපුරය පුරාණ ගල්ලෙන් විහාරය.
මෙම විහාරස්ථානය ඓතිහාසික ලෙන් විහාර අතර බොහෝ ප්රසිද්ධ ස්ථානයකි.දැදිගම වේරවත්ත හන්දියෙන් පිටදෙණිය මාර්ගයේ 3km ක් පමණ ගමන් කළ විට මෙම විහාරස්ථානය වෙත ළඟා විය හැක.
වළගම්බා රජු (ක්රිස්තු පූර්ව 103) තම සේනාව සංවිධානය කරමින් යන අතරතුර මෙම ස්ථානය තාවකාලික වාසස්ථානයක් ලෙසත් ,පුර ස්ත්රීන් සගවා තබා ගත් ස්ථානයක් ලෙසත් භාවිත කර ඇති අතර මෙය "ස්ත්රීපුර " යැයි ජනප්රවාදයේ ඇත.එකල පුර ස්ත්රීන් ස්නානය කළා යැයි සැලකෙන දියපොකුණද මෙම ලෙන තුළ දැකගත හැකි වේ. මෙම ලෙනේ සිට යට්ටෝගොඩ යටහලෙන දක්වා උමං මාර්ගයක් තිබූ බවට සාධක සොයාගෙන ඇති අතර ,රජු උමං මාර්ගය ඔස්සේ යටහලෙන දක්වා ගොස් සේනාව සංවිධානය කොට නැවතත් ස්ත්රීපුරයට සැපත් වෙන බව කියැවෙන අතර රජු මෙම ස්ථානයේ සිට දුනු ශිල්පය ප්රගුණ කළ බව කියැවේ .පළමුවෙනි ගජබා රජු (ක්රිස්තු වර්ෂ 113-135) ප්රමුඛ ආර්යයන් යක්ෂ ගෝත්රිකයන් සමග අවසන් සටන කළ ස්ථානය ලෙස සැලකෙන බවත් යක්ෂ ගෝත්රික ස්ත්රීන් මෙම ස්ථානය තුළ සිරකොට නීලමහා යෝධයාගේ උදව් ඇතිව ලෙනේ දොර වසා විනාශ කළ බවත් "කුරුණෑගල විස්තරය " නම් ග්රන්ථයේ සදහන් වේ.මෙම ස්ථානය ආසන්නයේ පිහිටා ඇති කුඩා ලෙන් දෙකක ක්රිස්තු පූර්ව 3 වන සියවසට අයත් බ්රාහ්මීය අක්ෂර සටහන් වලින් මෙම ප්රදේශයේ රහතන් වහන්සේලා වැඩ සිට ඇතැයි "කුරුණෑගල විස්තරය " නම් ග්රන්ථයේ දැක්වේ .මෙම ස්ථානයෙන් හමු වී ඇති ඉපැරණි කැසිකිළි ගල්ද ජනාවාසයක් තිබූ බවට සාධකයකි .
View Location