මැණික්කඩවර ටැම්පිට විහාරය
දැදිගම පසුකොට සැතපුම් 1 ½ක් පමණ ගලපිටමඩ දෙසට පැමිණ ඉඹුලෝවිටින් බටහිරට හැරි යා යුතුය. දඹදෙනිය යුගයට අයත් විහාරයක් සේ සැලකේ.මෙහි විහාර හා බෝධියට අමතරව ටැම්පිට විහාර ගෙයක්ද වේ.එය ඉපැරණිය. බුදුන් වහන්සේගේ සැරියුත් මුගලන් අගසව් සිහිපත් කෙරෙන නිර්මාණයක්ද, පිටත බිත්තියේ ඇතුල් පැත්තේ පෙරහැරක ලක්ෂණ දක්නට ඇත. විහාරස්ථ භූමියට ඇතුල් වීමේදී දක්නට ලැබෙන බොධීන් වහන්සේ ඉතා පැරණි එකක් වන අතර මෙම විහාරය දඹදෙනි යුගයට අයත් ලෙසද සලකයි.
View Location