මාම්පිට රජමහා විහාරය
මෙම විහාරය සුවිශේෂී ලෙන් විහාරයක් වන අතර පුරා විද්‍යා ගවේශණයට ලක් වූ පෞරාණික පුද බිමක්ද වේ. ගලිගමුව ආසනය හා දැදිගම ආසනය එක්වූ භූමි ප්‍රදේශයක මෙම විහාරය පිහිටා ඇත. අඩි හයසියයක් පමණ උස්වූ වනදුර්ග ගිරිදුර්ගවලින් වටවූ රමණීය ගල්තලාවක මේ පූජනීය ස්ථානය ඉදිකරන ලද්දේ වළගම්බා රජතුමා විසින් බව කියැවේ.මෙම විහාරයේ සුවිශේෂී වූ සෙල්ලිපියක් ඇති අතර එම සෙල්ලිපිය බ්‍රාහ්මය අක්ෂර 30කින් යුත්ත වන පොලවේ සිට අඩි 13 ක් පමණ උසකින් යුක්ත වූවකි. ශ්‍රී ලංකාවෙ කාසි භාවිතය ආරම්භ කරන ලද්දේ ක්‍රි. පූ. දෙවැනි තුන්වැනි සියවස්වල බවට මෙහි ඇති ශිලා ලිපියෙන් පෙන්නුම් කැරේ. අක්කර දහ හතක පමණ භූමියක ගල්තලාවක් මත පිහිටි මේ ස්ථානයේ අඩි සියයක් පමණ දිග කැටයම් සහ කටාරම් යොදා විහාර මන්දිරය ඉදිකර ඇත.ඊට යාබදව ගල් ගෙයක්ද ඇත. ගල් ගෙයට ඇතුළුවන ස්ථානයේ ආවාස මන්දිරය ගලින්ම ඉදිකිරීම කැපීපෙනෙන ලක්ෂණයකි. මෙහි ඇති ගල් විහාරගේ සැතපෙන පිළිමයක්, දොළොස් රියන් ඔත්පිළිම, හිටි පිළිම, දේව රූප සහ මකර තොරණක්ද තිබේ.
View Location