බෙලිගල රජමහා විහාරය




බෙලිගල රජමහා විහාරය වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයිති ප්‍රදේශයක් වේ. බෙලිගල ප්‍රදේශය ගැන ජන කවි හා ජනශ්‍රැතීන් බොහෝමයක් ද ඇත. අතීතයේ සිට ඇතැම් රජවරුන්ගේ හිත, ඇස ගැටුන ප්‍රදේශයක් ලෙසද දඹදෙණිය රාජධානියේ සිටි තුන්වන විජයබාහු රජතුමා බෙලිගල ශිකරය මත විශාල මාළිගයක් කරවා තිබුණු බවද සමහර ලේඛනවල හා ජනකතාවල සඳහන්ව තිබේ. තවද (ක්‍රි.ව.1240-1262) කාලයේ දඹදෙනිය රජ කල තුන්වන විජයබාහු රජුගේ මෙහෙවරක් ලෙස ඒකල කොත්මලේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවා, මෙම මාළිගාවේ තැන්පත් කොට පුද පූජා කර ඇති බවද පැරණි කතාවල සඳහන්ව ඇත.ස්වාමීන් වහන්සේලා උපසම්පදා කිරීම සඳහා බෙලිගල විජය සුන්දරාරාමය නිර්මාණය කර භික්ෂූන් වහන්සේලාට පුජා කරීමද සිදුකර තිබේ.



View Location

places
places
places