දොරවක ලෙන




අඩි 55කටත් වඩා උස ත්‍රිකෝණ හැඩැති විශාල ගල් පර්වත දෙකක් එකට හේත්තු වී මෙම ලෙන නිර්මාණය වී ඇත. විශාල පිරිසකට එකවර සැගවී සිටිය හැකි ලෙන් කුහරය, ලංකාවේ නූතන ශිලා යුගය තුළ මානව වාසස්ථාන පිළිබඳ පුරාවිද්‍යා සාක්ෂි රැසක් සපයයි. ක්‍රිස්තු පූර්ව 6300ක් දක්වා දිවෙන පුරාවිද්‍යා වටිනාකමක් ඇති දොරවක ලෙන සොයා ගනු ලැබුවේ 1940දී පමණය.ගල් යුගයට අයත් මැටි බදුන්,ගල් අඟුරු , ගල් ආයුධ රැසක්ම මෙම ලෙන තුළ සිදු කළ කැණීම් වලින් සොයාගෙන ඇත .එම කැණීම් සිදුකළ අඩි 18 කටත් වඩා ගැඹුරු වළවල් 2ක් ලෙන් කුහරය තුළ දක්නට ඇත. එසේම ගල් යුගයෙන් ගොවි යුගයට සංක්‍රමණය වීමේදී සංරක්ෂණය කළ ධාන්‍ය බීජද මෙම ගවේෂණයේ දී සොයාගෙන ඇත. දකුණු පස ඇති ගල් පර්වතයේ අංක යෙදූ ස්ථාන වල විවිධ චිත්‍ර,සංකේත දක්නට ඇත.එහි කුරුටු ගීද තිබූ බවට ජනමතයක් ඇතත් දැනට ඒවා මැකී ගොස් ඇත. ලෙන් චිත්‍ර අතර ඇත් ලාංජනයද , ඉර හඳ ලාංජනයද, මත්ස්‍ය ලාංජනයද සඳහන් කර ඇත. මෙම චිත්‍ර පිළිබඳ විවිධ මත ඇත. .රජුගේ අලි ඇතුන් මෙම ලෙනෙහි රදවා තිබූ බවට එක මතයක් ඇත .එම නිසාම "ඇතුබැදි ලෙන " ලෙස අනවර්ථ නාමයක් මෙයට ලැබී ඇත .මේ පිළිබඳව ඇති අනෙක් මතය වන්නේ ලංකාවේ වාසය කළ නාගගෝත්‍රිකයන්ගේ වෙළෙඳ සලකුණක් ලෙස ඇතා භාවිත කර ඇති බවයි.



View Location

places
places
places