දොරවක නාථ දේවාලය
දැදිගම ආසනයේ ප්රසිද්ධ නාථ දේවාලයක් ලෙස ඓතිහාසික භූමියක්වන දොරවක නාථ දේවාලය සඳහන් කල හැක. කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොළ නගරයට නුදුරු දොරවක ගනේගම ග්රාමය තුල පිහිටා ඇති මෙම දේවාලය නාථ දෙවියන් උදෙසා සෑදුවකි. ප්රමාණයෙන් ඉතා කුඩාවූ ඉපැරණි දේවාලය අදද සුරැකීව දේවාල භුමිය තුල දක්නට ලැබේ. පසු කාලයේදී නව නාථ දේවාලය, විෂ්ණු දේවාලය හා බුදුමැදුරක් මෙම භුමියතුල සාදවා ඇත. එමෙන්ම ඉතා විශාල ඉපැරණි නා ගසක්ද දේවල භුමිය තුල ඇත.
මෙහි වාර්ෂිකව නාථ දෙවියන් උදෙසා පෙරහැරක් පවත්වනු ලබන අතර නුවර ශ්රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේවරයා තේරීමේ නිලවරනයෙදී ඡන්දයක්ද මෙම දේවාලයට පෙර රජ දවස සිට හිමිව ඇත.
View Location