තෙලි ඇල්ල
ගුරුගොඩඔයෙහි අතු ශාඛාවකින් නිර්මාණය වූ තෙලි ඇල්ල , දුරට පෙනෙන උස ඇල්ලක්නම් නොවේ. ඔය විශාල ගල් තලාවක් හරහා ගලා යන විට නිර්මාණය වූ සුන්දර පරිසර කලාපයකි. එහි ගල් බොක්කා අතරින් වේගයෙන් ජලය කඩා හැලෙන කුඩා දියඇළි තුනක් දක්නට ලැබේ.පැරැන්නන් මෙම ඇලි තුන නම් කර ඇත්තේ තෙලි ඇල්ල,ගබඩා ඇල්ල හා කණවැන්දුම් ඇල්ල ලෙසටය.මෙම ඇලි තුනට අමතරව කුඩා කුඩා දියඇළි රැසක් මෙන්ම නිසල ජලය පිරි ගල් වලවල් රාශියක් මෙහි දක්නට හැකිය .
තෙලි ඇල්ලට නම පටබැඳුනු ආකාරය පිළිබඳ විවිධ ජනප්‍රවාද පවතී .එයින් එකක් ලෙස , වළගම්බා රජු හා සබැඳි පුරාවෘත්තය දැක්විය හැකිය .රජු හා බිසව තෙලි ඇල්ලෙහි ස්නානයට පැමිණීමට පුරුද්දක් කරගෙන සිටි බවත් එක් දිනක බිසවගේ අතින් රන් තලියක් මෙම ඇල්ලට වැටුණු බවත් ,එම නිසා මෙම ප්‍රදේශය තාලි ඇල්ල - තෙලි ඇල්ල ලෙස ව්‍යවහාර වූ බවත් සැලකේ .
View Location