වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීම


වරකාපොල ප්‍රාදේශීය සභා සීමාවේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයන් අතුරින් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා ආඥා පනතේ 152 වගන්තිය යටතේ වරකාපොල ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ වර්ෂයට වෙළඳ බලපත්‍රයක් ලබාගත යුතු වූ විට ඒ සඳහා ලබාගත යුතු බලපත්‍රය වෙළඳ බලපත්‍රය වේ. ඒ සඳහා පළාත් පාලන ආයතනයට ගෙවිය යුතු ගාස්තුව වෙළඳ බලපත්‍ර ගාස්තුව වේ